Showing posts with label Ghost Story. Show all posts
Showing posts with label Ghost Story. Show all posts

Thursday, November 6, 2014

තානායමේ අවතාරය

Unknown     8:16 PM     0

මම හොල්මන් කතාවලට කැමැත්තෙමි .හොල්මන් කතාවල බිහිසුනුකම වැඩිවූ තරමට ඒවාට මා තුල වූ කැමැත්තද වැඩිවේ .එහෙත් කතාව කියවා අවසාන වූ විට මා තුල ජනිත වූ උනන්දුවද හිරු දුටු පිනි බිදු සේ අතුරුදහන් වේ .”සිහි බුද්ධිය ඇති කිසිවෙක් හොලම්න් විශ්වාස කරන්නේ නැතැයි” මම මටම කියා ගනිමි .මෑතක් වන තුරුම මම හොල්මන් විශ්වාස නොකලෙමි .

ඉකුත් ජනවාරි මස මා ලන්ඩනයට පැමිණියේ ඔක්ස්පර්ඩ් සරසවියේ පොත්ගුලේ කිසියම්පිරික්සුමක නිරතවීම පිණිසයි .18 වැනි බදාදා සවස් යාමයේ මොටෝ රියක් කුලියට ගත මම A 40 මහා මග ඔස්සේ එය පදවන්නට වීමි ශරීරගත ලොහිතය පවා කැටි ගස්සවන තරම් දැඩි ශීත කුනාටුවක්ද සහිත වැස්සක් වට සැන්දෑ යාමයකි ඒ .බටහිර වයිකොම්බ් ගම්මානය ඔස්සේ රිය පැදවූ මම “ජෝර්ජ් සහ මකරා “නම් තානායම ඉදිරිපිට මගේ රිය නතර කලෙමි .ක්‍රීම් එළු සුප් හොද්දක් ,බැදී මස්පෙත්තක් හා පුඩිමක්ද ගෙනෙන්නයි මම නියෝග කලෙමි .පුඩිම දුටු සැනෙකින් මගේ සිතේ සැකයක් අරක්ගත්තේය .කිසිවෙකු මාපටගිල්ල එහි එබූ විටෙක මෙන් පුඩිමේ පැත්තක ලොකු සිදුරක් තිබෙනු මට දක්නට ලැබිණි මම මේවඩන්නිය කැදවා පුඩිමේ වූ සිදුර ඇයට පෙන්වීමි .

“හරි වැඩක් තමා ,තවපාරක් සුදුනෝනා ඇවිල්ලා වගෙයි .ඇය කුස්සියට නෑවිත් ඉන්නවා නම් මංකැමතියි “ ඕතොමෝ කීවා යැ.

“සුදු නෝනා කවුද ?” යි මම ඇය වීමැසිමි .

“සුදු නෝනද? ඇය තම නිතර නිතර මේ තානායමට එන හොල්මන “යි මේවඩන්නිය පිළිතුරු දුන්නාය .

ටික වෙලාවකට පසු මම තානායමකරු වූ ජෝන් බූන් අමතා තානායමේ අරක්ගත් හොල්මනක් ඇද්දැයි ඇසීමි .

“සත්තකින්මැ ඔවු .විටෙක ඇයගෙන් අපට හිරිහැර පැමිණෙනවා පුඩිම ගැන කනගාටුයි .ඇය එලවා දමන්නේ කොහොමද කියා මටනම් වැටහෙන්නේ නැහැ .ඇය පහල පාරේ ඇති හුණු ගුහාවක මල මේවඩන කෙල්ලෙක් .තානායමේ සිට ගුහාව කරා වැටී ඇති උමගක් තිබෙනවා .ඇයගේ මරණය බොහොම කනගාටුදායක මරණයක් “යි කී තනායම්කරු කෙලවරක වූ කාමරයක් දක්වා හිස සැලීය

“අර තිබෙන්නේ තෑබෑරුම ගමේ ගොඩේ කොයි කවුරුත් එහිදී හමුවිය හැකියි .එතන සිටින කාට හරි හීන් අඩියක් අරන් දුන්නාම කතාව මුල සිට අග දක්වාම කියා දේවි “යි තානායම්කරු මා අමතා කී යැ .

තැබෑරුමේ රැස්ව සිටි පිරිස අතර පුටු සාදන වඩුවෙක්ද,මේසන් බාස් කෙනෙක්ද ,රතු කෙස් වැටියක් ඇති ගැහැනියෙක්ද සිටිනු දුටිමි .ඔහු තුමු අවතාරය පිළිබද කතාව මට කීහ .

මීට අවුරුදු දෙසීයකට පෙරය මෙය සිදුවී ඇත්තේ .සුදුනෝනා නමින් හැදින්වූ සුකී නම් දැරිය මියයන විට ඇයගේ වයස අවුරුදු 16 කි .ඕතොමෝ දිනකට බොහෝ පැය ගණනක් “ජෝර්ජ් සහ මකරා “තානායමේ සේවය කලාය.ඇය තවත් දැරියන් දෙදෙනෙකුද සමග පදිංචිව සිටියේ තානායමේ වම්පස් වූ කුඩා කාමරයකය .

සුකී රන්වන් කෙස් වැටියකින්ද දුටුවන් මන බදනා පියකරු වතකින්ද යුතු කඩවසම් ගැටවරියකවී සිටියාය .ඇය හොද ගති පැවතුම් ඇති ,මදක් පමණ ඉක්මවා තම ගරුත්වය ගැන සැලකූ දැරියකි .විවාහ වී පහසු යහපත් ජීවිතයක් ගතකිරීමට ඇය තුල පැවැත්තේ බලවත් ආශාවකි තානායමට නිතර නිතර පැමිනෙන තිදෙනෙක් ඇය හා විවාහ වීමට කැමැත්ත දක්වුහ නිතර දෙවේලේ ආලය පිළිබද සිතිවිලි වලින් වෙලීගිය සිතැතිව සිටි ඇයට තානායමේ සේවකයන් විසින් පිළිපැදිය යුතු උපදෙස් පවා අමතක වූ වාර බොහෝය එක් වැසි කුණාටු සහිත රැයක එහි සැපත්වූ එක්තරා කඩවසම් තරුනයෙක් වැසි දියෙන් නෑවී මඩ තැවරුණු ඔහුගේ අසු ඉස්තාලයේ බැද තානායම් ශාලාවට පිවිස විඩාපත් ගතියක් පළකරමින් එහි වූ අසුනකට බර දිනි .ඒල් වීදුරුව පානය කල පසු ප්‍රනවාත් ගතියක් පලකල හෙතෙම රූමත් සුකී දෙස බලා ඉගිමැරීය සුකී කොතරම් කලබල වුයේද යත් ඇයගේ මාපට ඇගිල්ල පුඩිම තුලට කිදා බැස්සේය පුඩිමේ පැණි දිය බිදු තරුණයාගේ දනහිස මත පතිත විය ඇයගේ දෙකපුල් විලියෙන් රත්පැහැ ගැසිනි ඕතොමෝ කිසිවත් කර කියා ගත නොහැකිව මුව දල්වා ගත්වන මෑ බලා සිටියාය එහෙත් තරුණයා සිනාසෙන්නට වුයේය තානායම්කරු ඇයගේ කන මිරිකා හොද හැටි බැන වැදිණි සුකී හඩ හඩා කාමරයෙන් පිට වුවාය .

නන්නාදුනන ආගන්තුකයා පසුදා රෑද එහි පැමිණියේය හැම විටකම සුකී ගැන විපරම් කරමින් ඔහු සතියකට කීප වතාවක්ම එහි පැමිනියේය ඔහු හොර රහසේම ඇයගේ කම්මුල මිරිකා විහිළු තහලු කරන්නටද පුරුදුව සිටියේය ඔහු කවරෙක්දැයි කිසිවෙකු දැනනොසිටි නමුදු ධනවතෙකු බවනම් ඔහු ඇද පැළද සිටි වටිනා ඇදුම් ආයිත්තම් වලින් කාහට වුවද පැහැදිලිවිය සුකී ඔහු ගැනම සිතමින් සිහින ලොවක සැරිසරන්නට වුවාය. මේ අතර සුකීගේ පැරණි මිතුරෝ ඇයට සරදම් කරනු වස් උපායක් යොදන්නට කල්පනා කළහ .ඇයගේ නන්නාදුනන පෙම්වතාගේ පණිවිඩයක් යැයි ඇයට ඒත්තු යන පරිදි ගොතන ලද බොරු පණිවිඩයක් ළමයෙකු අත යවන්නට ඔහු තුමු පිළියෙළ කළහ .තමා සාමිවරයෙකු බවත් ඇය හා විවාහ වී ඇය කුල කාන්තාවක් කිරීමට අදහස් කරන බැවින් මගුල් ඇදුම් ආයිත්තම් වලින් සැරසී පසුදා රෑ දහයේ කණිසමට රට හුණු ගුහාවෙදී තමා මුණ ගැසිය යුතු බවත් ඔවුන් විසින් ගොතනු ලැබ සුකී වෙත යවනලද ඒ පණිවිඩයයි ,මේ පණිවිඩය විශ්වාස කල සුකී ඇයගේ ස්වාමිදුවගේ කාරයට දුවගොස් සුදු ඇද ඇතිරිලි කීපයක් ගෙන එයින් මගුල් ඇදුමක් ලහි ලහියේ මසා එය ඇදගෙන නියමිත වෙලාවට රටහුණු ගුහාව කරා ගියාය .

එහෙත් ගුහාවෙදී ඇයට හමුවුයේ ඇගේ පෙම්වතා නොව ඇයට සරදම් කරන්නට පටන් ගත් බීමත්ව සිටි ඇයගේ පැරණි මිතුරුන් තිදෙනාය බලාපොරොත්තු සුන්වීමෙන් හා කොපයෙන්ද වියරුවූ සුකී රටහුණු කැබැල්ලක් කඩාගෙන ඔවුනට එයින් පහර දුන්නාය ඔහුතොමෝ ඇය තරයේ අල්ලාගෙන සිබින්නට පටන්ගත්හ දගලන්නට වූ ඇගේ හිස ගුහා බිත්තියේ වැදින ඕතොමෝ මොහොතකින් සිහිනැති වුවාය බියපත්වූ තරුණයෝ තිදෙනා ඇයගේ කමටය පැමිණ ඇය ඇද මත හොවා හොර රහසේම තානායමෙන් පිටත් විය .

පසුදා උදැසන තානායමේ මේවඩන දැරියනට සුකීගේ මල සිරුරු දකින්නට ලැබිණ ඇයට සරදම් කල තරුණයෝ තිදෙනා සිදුවූ සියල්ල තත් වූ පරිදි පැවසූහ ඇයගේ මරණය සිදුවී ඇත්තේ තුවාලයක් නිසා නොව සිත්වේදනාව නිසා බව පොලිස් නිලදරීහු පවා විස්වාස කළහ .

සුකීගේ සිරුරු භූමදානය කර දෙදිනකට පසු ඒ කාමරයේ නිදා ගත් දැරියෝ දෙදෙනා තවදුරටත් එහි නිදාගත නොහැකි බව ඔහුගේ ස්වාමි දුවට තරයේම කියා සිටියහ කාමරයේ අපුරූ දෑ සිදුවන්නට් පටන් ගෙන ඇති බව ඔහු තොමෝ තවදුරත් කියා සිටියහ .

කතාව අවසන් වූ පසු තානායමේ මුළුතැන්ගෙට ගිය මම මට එදින රැය සුකීගේ කාමරයේ ගත්කල හැකිදැයි අසීමි “ඔබ කැමති නම් පුළුවනි .නමුත් මම එකක් කියන්නම් .මාගේ බල්ලා පවා ඒ කාමරයට යන්නේ නැහැ “යි තානායම්කරු කීය .

“හොදයි මෑ අද එහි රාත්‍රීය ගත කළහොත් කුමක් වේද ?”මම ඇසිමී

“දියමන්ති කිරුළක් හිස පැලදගත් කාන්තාවක් ඔබට දකින්නට ලැබේවි හොදයි ඔබම එහි රැය ගතකර බලන්න “යි තානායම් කරු කීය .

ඒ කාමරයට ගිය මම ටිකවෙලාවක් පුවත්පත් කියවමින් සිට විදිලිය පහන නිවා දමා නිදා ගතිමි ,වෙහෙස නිසා මට ඉතාහොදින් නින්ද ගියේය .

නිදිලෝව සිහින දකිමින් සිටි මෑ අවදි කලේ කුමක්දැයි මා නොදනිමි අයිස් මෙන් සීතල අතක් මාගේ නනල්තලය ස්පර්ෂ කරනු මට දැනිණි වහා නැගිටසිටි මම දම්වැල් ඇද විදිලිය පහන දැල්විමි කාමරයේ කිසිවෙකු නැති නියා විදිලිය පහනේ එළියෙන් මට පැහැදිලිවම දකින්නට ලැබිණි කිහිප වතාවක් නිදාගන්නට උත්සාහකල මට නිදා ගැනීම අපහසු වුයේ අර සීතල අත මාගේ නනල්තලය වරින් වර ස්පර්ශ කරන්නට වූ බැවිනි නිදාගැනීම අපහසු වූ බැවින් මම පහන නිවා දමා ඇදමත වාඩිවී නිසොල්මනේ සිටියෙමි ටික වෙලාවකින් කාමරයේ දොර අසල දිලිසෙන කුඩා එළියක්‌ මට දක්නට ලැබිණි කෙමෙන් තියුණු වූ මේ ආලෝකය අඩි 4 දක්වා උස් විය මේ අපුරු ආලෝකය නිකුත් වනුයේ සුකීගේ අවතාරයෙන් බවට දැන් කිසිදු සැකයක් නොමැත්තේය මම කාමරයේ විදිලිය පහන යලිත් දැල්විමි කාමරය විදුලිය ආලෝකයෙන් ඒකාලෝක වුයේය එහෙත් කාමරය තුල සුකීගේ අවතාරය දක්නට නොලැබිණි මම මාගේ අත බැදී හෝරා යතුරු දෙස බැලීමි එය පාන්දර 3.15 කණිසම දැක්විය .

රාත්‍රීයේ ඉතිරි පැය කීපයද නොදිදා පහන්කල මම පහන් වූ විගසම තානායම්කරු සොයා ගියේය

“කොහොමද ?සුකීගේ අවතාරය දැක්කද ?” යි ඔහු ඇසීය

සුකීගේ අවතාරය කෙසේ වෙතත් මගේ නළල් තලය ස්පර්ෂකල සීතල අත හා අපුරු ආලෝකය ගැන මම ඔහුට කීමී ,හේ මා කී දේ අනුගමනය කරන්නක්මෙන් හිස සැලීය ……

ගුණවතීගේ ඇඟේ ඉඳන් සෙම් සොටු කන ආච්චී

Unknown     8:11 PM     1

දේව වරමින් ශාස්ත්‍ර කියනු ලැබේ" යනුවෙන් සඳහන් දැන්වීම් පුවරු සෑම ප්‍රදේශයකම පාහේ දැක ගන්නට ඇත. ඒවායේ වත්පිළිවෙත් කරන අයද කටයුතු කරන්නේ තිරය පිටුපස දෙවියන් වැඩ සිටින ආකාරයම ඒත්තු ගන්වමිනි.

දෙවිවරුන් නම් අතීතයේ කරන ලද පුණ්‍ය ශක්තීන්ගේ ආනිසංස විඳිමින් සුවෙන් සැහැල්ලුවෙන් අහසේ සිටින පිරිසකි. මේ ශාස්ත්‍ර කියන සෑම තැනකම පාහේ ක්‍රියාත්මක වන්නේ මළ ගිය ඥාති ප්‍රාණකාරයකුගේ ක්‍රියාකාරීත්වයයි. ජීවත්ව සිටින ඥාතියාගේ යහපත පිණිස පැමිණෙන මළගිය ඥාතියා ඔහුට හෝ ඇයට උදව් කරයි. මේ අතර ඔවුන් මහ සටකපට කරන අවස්ථාද ඇත. ඒ නිසා මෙවැනි ස්ථානවලින් ප්‍රයෝජන ගන්නට යන විට නුවණින්ම කටයුතු කළ යුතුය.

ගඟේ ගසාගෙන යන එකා පරඬලාවෙත් එල්ලීම සොබාවයකි. දුකට පත් වූවන් මෙතෙක් කරන ලද ප්‍රතිකාරවලින් සුවයක් නොලබන විට හිතවතුන් අසල්වැසියන් කියන කියන තැන්වලට හසරක් නැතිව යන්නේ ඒ නිසාය. එසේ අසරණව පැමිණෙන අයට පිහිටක් සහනයක් ලබාදෙනවා මිසක, ඔවුන් රවටා අසාධාරණ ලෙස හම්බ කරන්නට යෑම නම් බරපතළ අපරාධයකි. අසාධාරණයකි. භූතයාට හෝ වේවා පේන කියන්නාට හෝ වේවා ඇදුරාට හෝ වේවා එය සංසාරයේ දුගතිගාමීව කාලාන්තරයක් දුක් විඳින්නට වළ කපා ගැනීමකි. එසේම තමන්ට උදව් කරන්නට යැයි පැමිණෙන ඥාති භූතයන්ද ඒ ඥාතීන්ගෙන්ම යැපෙන බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නුවණින්ම විමසා බැලිය යුතුය. නැතහොත් ඥාති භූතයා යන දාට යන්නේ තමන්වත් අරගෙනමය. එසේම මෙවැනි තැන්වලින් ගුරු පඬුරක් පවා නොතබා කපටිකමෙන් වැඩ ගන්නට යන මිනිස්සුද සිටිති.

ගුණවතී මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. විවාහකව දෙදරු මවක වූ ඇය හැට දෙහැවිරිදි වියේ පසු වූවාය. අවුරුදු තිහක් තිස්සේ අමනුෂ්‍ය දෝෂයකින් පීඩා විඳි ගුණවතී මේ කාලය තුළ සුව නොවන සෙම්ප්‍රතිශ්‍යාවකින්ද පෙළුණාය. රාත්‍රි නින්දේදී හීනෙන් බියට පත්වී තිගැස්සී අවදි වන ඇය රාත්‍රිය එළි කළේ නින්දට වඩා නොනින්දේය. මේ සුව නොවන සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් නොගත් ප්‍රතිකාරයක් නැති තරම්ය. ශාන්ති කර්මද ගණනාවක් කළත් ඒවායින්ද යහපත් වූයේම නැත.

"මව්බිම" පත්‍රය කියවන ඥාතියකුගෙන් තොරතුරු දැනගත් ගුණවතී ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවේ ආධ්‍යාත්මික ප්‍රතිකාරයකින්වත් සහනයක් ලැබේ යැයි විශ්වාසයෙනි. ගවේෂණ මධ්‍යස්ථානයේ ‍ෙදාරටුවෙන් ඇතුළු වූයේම කෑ ගසා ගෙනය.
"මට යන්න බෑ මට යන්න බෑ. මේ කෙල්ලව දාලා මට නම් යන්න බෑ."
"ඇයි මේ කලබල වෙලා කෑ ගහන්නේ? මෙතැන කවුරුවත් තමුන්ට යන්න කියලා කීවද?" යැයි නාගොඩවිතාන මහතා ඇසීය.
"මං දන්නවා. මං දන්නවා. ඔය ලැහැස්ති වෙන්නේ මාව පන්නන්න බව."
"මීට කලිනුත් එහෙම පන්නන්න හදලා තියෙනවද?"
"ඇයි නැත්තේ? කී සැරයක් තොවිල් කළාද?"
"ඉතින් ඒ ඇදුරෝ තමුන්ව පැන්නුවද?"
"පන්නන්න තමයි ලැහැස්ති වුණේ. ඒත් බැරි වුණා."
"ඇයි බැරි වුණේ?".
"මුන් සාත්තර අහන්න යන කොට මමත් යනවා. ඇදුරෝ සොයන්න යන කොට මමත් යනවා. ගොක් අතු කපාගෙන ලැහැස්ති වෙන කොට මම අයින් වෙනවා. ආයෙත් දවස් කීපයකින් එනවා."
"අයින් වෙලා කොහේටද ගිහින් හිටියේ?"
"මම සොහොනට ගිහින් හැංගිලා හිටියා."
"හොඳයි. හොඳයි. කතා කළා මිසක් මේ කවුද කියලා කීවේ නෑනෙ?".
"මහත්තයට බොරු කියලා වැඩක් නැහැනෙ. මම දුක් සහිත ආත්මයක්."
"ඒ කියන්නේ යක්‍ෂයෙක් නෙවෙයි. ප්‍රේතයෙක්?"
"........."
"කතා කරන්න. ලැජ්ජා වෙලා වැඩක් නෑ. ඇත්ත කියන්න. අපි තමුන්ව ඔය දුක් සහිත බවෙන් මුදන්න කටයුතු කරන්නම්."
"ම්..... ම්.... මම ප්‍රේතයෙක් නොවෙයි."
"එහෙනම්?"
"ප්‍රේතියක්. බලසම්පන්න ප්‍රේතියක්."
"මොකක්ද නම?"
"එතනහාමි"
"එතනහාමි ඇයි ප්‍රේතියක් වෙලා උපන්නේ?"
"මම නැන්දම්මටයි, මාමණ්ඩිටයි වෙනස්කම් කළා. සාත්තු සප්පායම් කළේ නෑ. හරියට කන්න අඳින්න දෙන්න ඉඩ දුන්නේ නෑ. ඒ දෙන්නා දුක් විඳලා මළා."
"ඒ අය මොනවද කීවේ?"
"මොකවත්ම ඇහෙන්න කීවේ නෑ පුතාගේ හිත රිදෙයි කියලා. ඒත් ඒ දෙන්නා කාමරේට වෙලා හෙමින් කතා වෙන ඒවා මම ජනේලෙ ළඟ ඉඳගෙන අහගෙන හිටියා."
"මොනවද කීවේ?"
"නැන්දම්මා කීවා. අනේ! අනේ! අපි පුතාව හැදුවේ කොයි තරම් ආදරෙන්ද? ඉගැන්නුවේ කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද? පුතා අපට කොයි තරම් ආදරෙන්ද හිටියේ? ඒත් කසාද බැන්දට පස්සෙ වෙනස් වුණ හැටි. ගෑනිට බයේ. කියලා කීවා.
"මාමණ්ඩි මොකද කීවේ?"
"හයියෙන් කතා කරන්න එපා. ඇහේවි. පුතා දැනගත්තොත් රණ්ඩු සරුවල් වේවි කීවා.

"අපි මේ ගෙවල් ‍ෙදාරවල් හැදුවේ කොයි තරම් දුක් මහන්සි වෙලාද? වත්ත පිටිය වගා කළේ, කුඹුරු ගොවිතැන් කළේ කොයි තරම් වුවමනාවෙන්ද? දැන් මේකී මේවායේ අයිතිකාරී වෙලා. ඒත් කමක් නෑ මේවයෙන් ප්‍රයෝජන අරගෙන අපි දෙන්නට කුස පිරෙන්න කෑම ටිකවත් රහට දෙනවා නම්. අපි දෙන්නට හීල් බත් දීලා උන් උණු බත් කනවා. උන් මස්, මාළු උයන සුවඳ, බදින සුවඳ දැනෙනකොට මට නම් ඉවසගෙන ඉන්න බෑ. අපි දෙන්නත් ඉස්සර කොයි තරම් කටට රසට කෑවද? ඇයි ඔහේට මතක නැද්ද? සද්ද නැතුව ඉන්නේ?"
"අනේ! ඉතින් සද්ද කරලා මොකටදෑ" කියලා ඒ වෙලාවට කියනවා. ඉතින් නැන්දම්මා අඬනවා. "අනේ! අනේ! මම සීට්ටු දාලා දුක් මහන්සි වෙලා ඔහෙත් එක්ක ගත්ත ඉඩකඩම්. මේකිගේ දෑවැද්දෙන් ගත්තා වගේ කියලා අඬනවා. පොල්, තැඹිලි කඩවලා විකුණනවා. එකී තනියම තැඹිලි බොනවා. මං හිටවපු ගස්වල. අපි දෙන්නාට එක තැඹිලි උගුරක් දෙනවාද?" කියලා අඬනවා.
"ඉතින්?"
"ඉතින් මහ දෙන්නා මළාට පස්සේ මමත් ලෙඩ ගාණට වැටුණා. මගේ පණ යන වෙලාවේ ළඟ කවුරුවත් හිටියේ නෑ. මට හරිම පිපාසයක් දැනුණා. වතුර ටිකක් ඉල්ලුවා ඉල්ලුවා කාටවත් ඇහුණේ නෑ. ඒ වෙලාවේ ගෙදර කවුරුවත් හිටියේ නෑ. මගේ උගුර කට වේළිලා ඉන්න කොට ඉස්සර මාමණ්ඩිටයි, නැන්දම්මටයි නොදී තනියම මම තැඹිලි බීපු හැටි මතක් වුණා. මහ දෙන්නට නොදී රහට කෑම හදා ගෙන කාපු හැටි මතක් වුණා. ඒකෙන් මෙතැනම ප්‍රේතාත්මයක් ලැබුවා."
"එහෙනම් මේ ගුණවතීගේ කවුද?"
"ආච්චි"
"ඉතින් එතනහාමි ජීවත්ව ඉන්දැද්දි නැන්දමටයි, මාමණ්ඩිටයි නොසලකපු බව පුතාත් දන්නවා නේද?"
"ඔව්"
"පුතා මොනවද කීවේ?"
"එයා මාගේ කටට බයයි."
"ඉතින් ඒ නැන්ද, මාමා මළාට පස්සෙ ඒ අයට පින් දෙන්න පින්කම් කළාද?"
"ඔව්! හත් දවසේ මතක බණ කියලා පහුවදා දානේ දුන්නා. තුන් මාසෙත් පින්කම් කළා. අවුරුද්දෙත් පින්කම කළා."
"ඒ පින්කම් තුනේදීම එතනහාමි බණ ඇහුවද?"
"මම නම් ඇහුවේ නෑ. මගේ මනුස්සය නම් අහන්න ඇති".
"ඇයි එතනහාමි බණ ඇහුවේ නැත්තෙ?"
"ඇයි මහත්තයා ගේ ඇතුළේ දේවල් බලා ගන්න එපායැ. කුස්සියේ වැඩ කරන අය බඩු නාස්ති කරනවද, හොරෙන් අරන් යනවද කියලා බලා කියාගන්න ඕනෑ. බණ අහන්න එන අය ගෙනෙන තෑගි බෝග බාර ගන්න ඕනෑ. බණ ගෙදරක කොයි තරම් වැඩ තියෙනවද?"
"ඔය බණ අහන්න එන අය ගෙනෙන්නෙ මොනවද?"
"වැඩි දෙනෙක් ගෙනෙන්නෙ සීනි, තේ කොළ, බිස්කට් වගේ දේවල්."
"ඒවට මොනවද කළේ?"
"ඒ තරම් ගොඩක් කන්නද මහත්තයා. කඩේට දීලා සල්ලි ගන්නවා මිසක්".
"දැන් එතනහාමි ගුණවතීගේ ශරීරයට රිංගාගෙන මොනවද කරන්නේ?"
"මම මේ කෙල්ලට ආදරෙයි මම දුවට උදව් කරනවා. ඒකයි මම මෙයාට යන්න බෑ කීවේ."
"මොකක්ද ඔයා දුවට කරන උදව්ව."
"ඇයි? මම දුවගේ ඇඟට ආවේශ වෙලා ලෙඩුන්ට බෙහෙත් හදලා දෙනවා. ඒකෙන් මේ දුවට ආදායමක් ලැබෙනවා."
"එතනහාමි ජීවත්ව ඉන්දැද්දි වෛද්‍යවරියක්ද?"
"නෑ...."
"එහෙම නම් කොහොමද බෙහෙත් හදන්නෙ."
"අපේ තාත්තා වෙදමහත්තයෙක්."
"තාත්තා වෙද මහත්තයෙක් වුණාට එතනහාමි කොහොමද බෙහෙත් හදන්නේ?"
"තාත්තා බෙහෙත් හදන කොට මමත් උදව් වුණා. මටත් ටිකක් ඒවා පුළුවන්."
"ඉතින් ඔය බෙහෙත්වලින් ලෙඩුන්ට සනීප වෙනවද?"
"සමහරුන්ට සනීප වෙනවා. සමහරුන්ට නෑ. ඉතින් මහත්තයා දැන් සමහර වෙදමහත්වරු ළඟට ගියත් ‍ෙදාස්තර මහත්වරු ළඟට ගියත් එහෙම නෙ" ඔය ටිකමනෙ.
"ඉතින් දැන් දිගටම වෙදකම කරනවද?"
"නෑ...."
"ඒ ඇයි?"
"මේ ගුණවතීගේ දුවයි පුතයි ඒකට විරුද්ධයි. ඔය බෙහෙත්වලින් ලෙඩ්ඩු මළොත් අපටත් කරදර වේවි කියලා උන් දෙන්නා රණ්ඩු කරනවා. ඒ නිසා ඒක නැවැත්තුවා. ඊට පස්සෙ තමයි මේ දුවට ලෙඩ කරන්න, බය කරන්න හිටියේ".
"ඉතින් කලින් කරපු වත්පිළිවෙත්වලින් මොකද වුණේ?"

"ගුණවතී සාත්තර අහන්න යන කොට මමත් යනවා. මම එතැන වැඩ කරන භූතාත්මයට උගන්වනවා මේක හොඳ වැඩක්. ඔය වෙදකම දිගටම තියා ගත්තා. මේක මහා පිනක්" කියලා එතැනින් කියෙව්වා. මම බලවත් ප්‍රේතියක් නිසා ඒවායේ ඉන්න අය මම කියන දේවල් කරනවා."
"දැන් ඉතින් අවුරුදු තිහක් විතර මෙයාව රවටාගෙන බොරු කළා ඇති. මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න."
"බෑ.... බෑ..... මට යන්න බෑ.... එතකොට මම කොහොමද ජීවත් වෙන්නෙ?"
"දැන් කොහොමද එතනහාමි ජීවත් වෙන්නෙ?"
"මම ගුණවතීගේ හෙම්බිරිස්සාව සනීප වෙන්න දෙන්නෙ නෑ. මෙයාගේ සොටු ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නෙ."
"හා..... හා..... මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න. නැන්ද මාමාට නොසලකපු ඒවාට තමන්ම තමයි විපාක විඳින්න ඕනෑ."
"බෑ.... බෑ.... මම නම් යන්නෙම නෑ".
නගොඩවිතාන මහතා ගුණවතීගේ ශක්ති ශරීරයේ කඩතොලු වූ තැන් ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රතිනිර්මාණය කළේය. එතනහාමි පින් අරගෙන ඉහළට යා හැකි තත්ත්වයක නැති නිසා ගුණවතීගේ ශරීරයෙන් එළියට ඇද දමා ආධ්‍යාත්මික ආරක්‍ෂාවක් කර උදේ හවස භාවිත කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේය.

ගබඩාවේ ‍දොර අරින රහස් අංකය භූත බලවේගයක් සේපාලට දීලා

Unknown     8:08 PM     0

අපේ පියවි ඇසට නොපෙනෙන අමනුෂ්‍ය ලෝකය පිළිබඳ හරි හැටි නොදන්නා මිනිස්සු ඒ නොපෙනෙන ලෝකයේ ක්‍රියාකාරකම් නොතකා හරිති. සමහරු සුළුකොට තකති. තවත් කෙනෙක් විශ්වාස නොකරති. පූර්වයෙහි කරන ලද අකුසල විපාක හේතු කොට ගෙන දුගතිගාමීව ඉපදී ඉතාම අන්ත අසරණව දුක් විඳින ප්‍රේතයන් බොහෝය. ඒ අතරම යම් යම් විශේෂිත හැකියාවන් ඇති අමනුෂ්‍යයෝද සිටිති.

සේපාල, කන්ද උඩරට පදිංචි හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු පියෙකි. විශාල ධනවතෙකි. හිටි හැටියේ ශරීරයේ ගැස්සීම, යම් යම් ස්ථාන හිරිවැටීම, කෑම අරුචිය, හීනෙන් බය වීම ආදී රෝගාබාධවලින් හේ පීඩා විඳී.

මේ සියල්ලටම වඩා ඔහු අවංකවම පාපෝච්චාරණය කරන, අද්භූත බලයක්ද ඔහු තුළින් ක්‍රියාත්මක වෙයි. වර්තමාන සමාජයේ වෙනත් කෙනකු ප්‍රතික්‍ෂේප නොකරන එහෙත් සේපාල ප්‍රතික්‍ෂේප කරන ඒ අද්භූත බලය පුදුම සහගතය. මිථ්‍යා දෘෂ්ටියෙන් හා අසීමිත තණ්හාවෙන් පෙළෙන වර්තමාන සමාජයේ බොහෝ දෙනකු මේ කතාව නොපිළිගන්නවාටද සැකයක් නැත.

සේපාල විදේශගතව කාලයක් රැකියාවේ යෙදුණි. ඔහු රැකියාව කළේ විශාල ව්‍යාපාරයක ගබඩාවකය. ඒ විශාල ගබඩාවේ ‍ෙදාර ඇරීම හා වැසීම සිදු කළේ නව තාක්‍ෂණයට අනුව රහස් අංක කරකැවීමෙන් ඇරෙන වැහෙන අගුලකිනි. ඒ රහස් දැන සිටියේ අයිතිකරු පමණි. ‍ෙදාර ඇරීමත් වැසීමත් සිදු කළේ අයිතිකරුමය. එහෙත් සේපාල මේ ගබඩාවේ රැකියාවට පැමිණ ටික දිනකින් මෙහි රහස් අංක මේවා යැයි සේපාල ගේ සිතට ගුප්තමය පණිවුඩයක් ලැබිණි. ඔහු එය දිනක් අත්හදා බැලුවේය. හරියට හරිය. සේපාල මේ ක්‍රමයෙන් ඒ ගබඩාවේ බඩු හොරෙන් පිටකර විශාල මුදලක් ඉපැයුවේය. සේපාල කොතැනකට ගියත් එතැනින් යමක් වංචා කරන්නට ඔහුගේ සිත පෙලැඹුවේය. ඒ කිසිම වංචාවක් කිසිවකුට අහුවුණේ ද නැත. සේපාල ගබඩාවේ රැකියාවෙන් ඉවත්ව වෙනත් වෙළෙඳ ව්‍යාපාරයක මුදල් අයකැමි තනතුරකට ගියේය. එතැනදී මුදල් මැෂිමේ ක්‍රියාකාරීත්වය ආපසු කරකවන්නට පුදුම හැකියාවක් ඔහුට ලැබිණි. ඔහු එයින්ද විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත්තේය. මේ මුදල් වංචාවද කිසිවකුට දැනගන්නට නොහැකි විය.

කෝටි ගණනක් මුදල් උපයාගත් ඔහු ආපසු ලංකාවට ආවේය. ඔහු මැණික් මිලට ගෙන ප්‍රධාන මැණික් ව්‍යාපාරිකයන්ට විකිණීමට පටන් ගත්තේය. සේපාල රුපියල් දහස් ගණනකට මිලට ගත්ත මැණික් ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයන් ලක්‍ෂ ගණනට මිලදී ගත්තේය. මේ අතර සේපාල ලීසිං සමාගම් හරහා අලුත් වාහන මිලට ගත්තේය. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළේ ව්‍යාජ ලිපි ලේඛනය. කිසි අපහසුවක් නැතුව එසේ අර ගත් අලුත්ම වාහන කෑලි ගලවා විකුණා දැම්මේය. ලීසිං සමාගම්වලින් ඔහු පසුපස්සේ ආවේ නැත. ඔහු ගත් ණය ගෙව්වේද නැත. මේ අතර සේපාලගේ මේ ගුප්ත හැකියාව දැනගත් ඔහුගේ මිතුරෝද ඔහුට සම්බන්ධව මුදල් උපයන්නටත් පටන් ගත්හ.

තමන් කරන්නේ බරපතළ වරදක් බව සේපාලට දැනෙන්නට විය. මේ අතර ශාරීරික රෝගාබාධ පිළිබඳව ද ඔහු කල්පනා කරන්නට විය. මෙසේ අසාධාරණ ආදායම් මාර්ගවලට වඩා සාධාරණව තම ශ්‍රමයෙන් රැකියාවක් කොට ජීවත්වීම හොඳ බව ඔහුට වැටහෙන්නට විය.

ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ආවේ ශාරීරික රෝගාබාධවලට මෙන්ම "වංචනික හැකියාවෙන්" මිදී යහපත් සාධාරණ තත්ත්වයකට පත්ව මානසික සහනයක් අපේක්‍ෂාවෙනි. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඉදිරිපිට සියල්ල නොවළහා විස්තර කළේය.

"මහත්මයා මට අවශ්‍ය සාධාරණව ජීවත් වෙන්න. මගේ ශ්‍රමයෙන් රැකියාවක් කර පවුලේ අය සමඟ ජීවත් වෙන්න. මේ අසාමාන්‍ය හැකියාවෙන් මිදෙන්න. මම හිතන්නේ මේ සංසාරික හැකියාවක් වෙන්න ඇති. ඒකට උපදෙසක් ගන්නයි ආවේ" සේපාල කීවේය.

සේපාල ගවේෂණයට ලක්කොට ඔහු වෙත ශක්ති කිරණ එල්ල කරන විට සිහිසුන්ව වැටුණේය. ඒ නිසා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.

සති තුනකට පසු සේපාල නැවැත පැමිණියේය. එදින ඔහු ප්‍රලය විය.

අවේෂ්ට වූ ප්‍රේත ජීවියා සිනාසෙන්නට විය. නොනවත්වා සිනාසෙන්නට විය. වේවැල් පහර තුනක් ලැබෙන තුරුම සිනාව නතර කළේ නැත.

"කවුද මේ හිනාවෙන්නේ?" නාගොඩ විතාන මහතා ප්‍රශ්න කළේය.

"මම මේ පුතාගෙ තාත්තා"

"මොකක්ද නම?"

"ඇයි මට ගහන්නේ?"

"හයියෙන් ගැහුවෙ නැහැනෙ"

"හෙමින් වුණත් අපේ සියුම් ශරීරවලට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ."

"එහෙම නම් අපි ඇත්ත කතා කරමු"

"හොඳයි මොනවද දැන ගන්න ඕනෑ"

"ඇයි මේ පුතාට කරදර කරන්නේ?"

"ඒක පුදුම කතාවක් නෙ. මම මගේ පුතාට කරදර කරන්නේ නැහැ. කරපු තරමක් කළේ උදවු. මම එයාව කෝටිපතියෙක් කළා. මගේ යුතුකමක් තමයි මම ඒ ඉටු කළේ. මහත්තයා; මම ජීවත්ව ඉන්දැද්දි කළෙත් හොඳ දේවල් නෙවෙයි. මම හොරෙක්. පුතා පුංචි කාලෙම මම මගේ බිරියවයි පුතාවයි අතහැරලා ගියා. හොරකමට අහුවෙලා හිරේ ගියා. හිරේදි අසනීපෙකින් මළා. පුතාට මගෙන් කිසිම යුතුකමක් ඉටුවුණේ නෑ කියලා මම පසුතැවෙමිනුයි හිටියේ. මළාට පස්සේ මම පුතාව හොයා ගෙන ගියා. පුතාගෙ ඇඟට රිංගලා පුතාව හොරකම්වලට පෙලැඹෙව්වා. පුතා රට යනකොට පුතත් එක්ක මමත් රට ගියා. එහේදිත් පුතාව වංචාවලට යොමු කළා. පුතාගෙ මනසට අවශ්‍ය උපදෙස් දුන්නා. ඒ එක හොරකමක්වත් අහුනොවන විදියට කටයුතු සකස් කළා."

"ඔව්! තමුන් හොරකමේ යෙදිලා හිරදුක් වින්දා මදිවට දැනුත් පුතාගෙ ඇඟට රිංගලා හොරකම් කරනවා. තමුන් පුතාට ආදරේ බව අපට පේනවා. ඒත් මේ ආදරය දක්වන්න තිබුණේ මීට කලින්. ඒ අම්මයි පුතයි තනිවෙලා අසරණ වෙලා දුක් විඳිද්දියි උදවු කරන්න තිබුණේ. මේ කරපු හොරකම් අහුවුණේ නැති වුණාට කොතැනකට හෝ කාට හෝ පාඩුවක් වෙලා තියෙනවා නම් ඒක වරදක්. පාපයක්. නමුත් මේ පුතාට ආදරේ නම් කරුණාකර පුතාගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න."

"මම කළේ පුතාට උදවු කරන්න බැරිවීම ගැන වන්දි ගෙවීමක්."

"ඔව් නමුත් වන්දි ගෙව්වේ අනුන්ගේ දේපළ සම්පත්වලින්. තමුන් වන්දි ගෙවලා තියෙන්නේ තමන්ගේ දේපළවලින් නොවෙයි. අනුන්ට පාඩුවක් අලාභයක් කරලා තවත් අකුසල් රැස්කර ගෙන. දැන දැන වැරැදි කිරීම බරපතළ පාපයක්."

"මහත්තයා, ඉතින් මම දැන් මොනවාද කරන්න ඕනෑ.?"

"දැන් මේ පුතාව වරදට යොමු කළා මදිවට එයාගෙ ශරීරයත් ලෙඩ වෙලා. ඔය තමුන්ගේ හිතේ තියෙන සොරකම් කිරීමට ඇති කැමැත්ත හිතෙන් අතහරින්න. ඒක වරදක් පාපයක් බව හිතන්න. ඒ පාපය නිසා දැන් තමුන් ප්‍රේතයෙක් වී ඉපදිලා දුක් විඳිනවා. දැන් පුතාගෙ ශරීරයෙන් ඉවත් වී හිතට පින් දැනෙන පින් දහම් කරන තැනකට ගිහින් ඒවා දැකලා සතුටු වෙලා කුසල් සිතිවිලි ගොඩනඟා ගන්න උත්සාහ කරන්න."

"මහත්තයා මට පින දැනෙන්නේ නෑ. ඒ වගේ තැන් පෙනෙන්නේ නෑ. මතක් වෙන්නේ නෑ. ඉතින් කොහොමද මම ඒ වගේ තැනකට යන්නේ?"

නිවෙසට භික්‍ෂුන් වහන්සේ වඩම්මා සාංඝික දානයක් පිරිනමා පියාට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසද ඉන් පසු අනුරාධපුරයට ගොස් සිල්වතුන්ට ආහාර හා ඇඳුම් පරිත්‍යාගයක් කොට පියාට පින් අනුමෝදන් කරන ලෙසද සේපාලට උපදෙස් දුන්නේය. ඒ පින්කම් දැක සතුටුව පින් අනුමෝදන් වී ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට යන ලෙස ප්‍රේත ජීවියාට නියම කොට ආධ්‍යාත්මික ශක්තියෙන් අනුරාධපුරයට භාර කළේය.


බොරැල්ල කනත්ත ළඟදී වාහනයට අත දැමූ මෝහිනී

Unknown     8:03 PM     0


සුමනපාලගේ කහපාට හුඩ් එක සහිත කළුපාට මයිනර් ටැක්සිය බම්බලපිටිය හන්දියෙන් දකුණට හරවා කෙළින්ම බෞද්ධාලෝක මාවතට ඇතුළු කරන විට මධ්‍යම රාත්‍රි එක පසුවී විනාඩි දහතුන බව ඔහුගේ වම් සුරතේ බැඳි 'සීකෝ' අත් ඔරලෝසුවෙන් පෙන්නුම් කළේය. බුලත් විටේ ඉතිරි බුලත් කොළයද අනෙක් ලට්ට ලොට්ට ටිකද කටට හලාගත් ඔහු එය වැරෙන් සපන්නට වූයේ දෑසට දැනුණු තෙහෙට්ටුව මඟහරවා ගන්නටය.

බෞද්ධාලෝක මාවත දිගේ පැමිණ 'තරංගනි'ය අසලින් වමට හැරී රේඩියෝ සිලෝන් එක හා හොකී පිටිය අතරින් ටොරින්ටන් දෙසට ගමන් කළේ ඉක්මනින් ගෙදර යා හැකි ෂෝට් කට් පාරවල් සොය සොයාය. නමුත් ඔහුට දෙමටගොඩ හරහා යා යුතුව තිබූ බව මතකයට නැඟෙමින් යළි බෞද්ධාලෝක මාවතටම රථය පදවාගෙන බොරැල්ල කනත්ත අසලට පැමිණ සිටියේය. එක්වරම ඔහුගේ දෑසට ලක් වූයේ කනත්ත වටරවුම අසල සිට තම රථයට අත දිගුකරමින් සිටි ගැහැනියකි.

"මළහත්ඉළව්වයි මෝහිනී....."

සුමනපාලට එකවර කියැවුණේ ඒ වන විටත් බොරැල්ල කනත්ත හා හොල්මන් ගැන අපූරු කතා ගොන්නක්ම සමාජයට එකතු වී තිබූ නිසාය.

"මඟහැරලා ගියොත් මේකිගෙන් උඹට විසුමක් වෙන්නෙ නැහැ....."සුමනපාලගේ හිත කීවේය. ඔහු දෑස පැති කණ්ණාඩිය වෙතට එල්ලකරමින් වාහනය කාන්තාව අසල නතර කළේය.

කාලය තත්පර ගණනාවක් ගතව ගියමුත් වාහනයට නඟින කෙනෙකුවත්, නඟින බවක්වත් කිසිවෙක් පෙනෙන්නට නොවිණ. දිගු සුසුමක් පිටකළ හේ තමන්ගේ මනසට දැනුණු මනස්ගාතය ගැන පසුතැවෙමින් රථය ඉදිරියට පැදවූවාය. තම කාර්යයද ඉටු කරගනිමින් යළි නුවර පාර ඔස්සේ පෑලියගොඩ හන්දියෙන් හැරුණේ අතුරු පාරකටය. ඒ සමඟම ඔහුගේ පාදය තිරිංගය තදින් බදාගත්තේ පාර හරහා හිටගෙන සිටි තවත් කෙනකු නිසාය. සුදෝ සුදුවතින් සැරැසීගත් ඇය සැබැවින්ම රූමත් බවක් පෙන්නුම් නොකළත් අපූරු සිත්ගන්නාසුලු බවක් පෙනෙන්නට තිබුණු නිසා සුමනපාලගේ සිත ඇදී ගියේ වෙනයම් දෙයක් ගැනය.

යුවතිය පැමිණ රථයේ පිටුපස ‍ෙදාරටුව හැර ඇතුළු වූයේ සුමනපාලගේ ආරාධනයකින් තොරවය.

"කොහෙද යන්නේ මේ රෑ...."

"බොරැල්ලට....."

ඇයගේ පිළිතුරෙන් සුමනපාල තක්කු මුක්කු වී ගියේය. ඇය වාහනයට ගොඩවන විට දැනුණු සමන් පිච්ච සුවඳ නිසා ඔහු මෝහනය ගියේය. යළි මයිනර් ටැක්සිය තරමක් අඳුරින් පිරි දෙමටගොඩ පාර හරහා බොරැල්ලට කිට්ටුවෙමින් සිටියේය. නෝනා වාට්ටුව අසලදී ඔහු පසු කණ්ණාඩියෙන් පසුපස දෙස බැලුවේය. මලානික වීදි ලාම්පු එළියටත් ඒ මුහුණ හරිහැටි දිස් නොවුණත්....

"ඔතැනින් නවත්වනවා" විධානය ලැබුණේ සත්‍ය වශයෙන්ම බොරැල්ල කනත්තේ ගේට්ටුව ළඟදීය. එකිනෙහිම සුමනපාල තම බෙල්ල හකුළුවා උරහිස් කන්දෙක ළඟට ගෙන යද්දී 'දඩාස්' හ¾ඩින් රථයේ ‍ෙදාර වැසී ගියේය. රථයෙන් බැස කනත්ත තුළට පාවී ගිය ගැහැනු අවතාරය දෙස සුමනපාල තත්පර කිහිපයක් බලා සිටියේ ඇස්ගෙඩි පමණක් නොව කටද උපරිමයෙන් ඇරගෙනය.

එදින සුමනපාලගේ ජීවිතය 'මෝහිනී' අතින් බේරුණත් සතියක් යනතුරු හටගත් සහලෝල උණ පහව ගියේ බෙහෙත්වලින් නම් නොවේ. සුමනපාල මෙන්ම මේ කතාව සම්බන්ධ අන් අයගේද අදහස වූයේ ඒ මෝහිනීම බවය. මෝහිනී ගැන විවිධ මත නිර්මාණය වෙමින් තිබූ අතර සමහරෙකුට මැය ඉතා අලංකාර රූපශ්‍රීයකින් යුත් තැනැත්තියකි. එමෙන්ම සංගීතයටද මහත්සේ ඇලුම් කරන බව පැවැසේ. එහෙයින් ගොම්මන් යාමය ආරම්භ වීමත් සමඟ යමෙකුට උරුහුම් බෑමද හොඳ නැති තත්ත්වයකට ගෙන ආවේය. එමෙන්ම රාත්‍රි කාලයේ බටනළාව වැනි ඉමිහිරි සංගීත භාණ්ඩ පවා වාදනය කිරීමට ඇතැමුන් බිය වූයේ මෝහිනී නිසාය.

සැබැවින්ම අප එවැනි අත්දැකීමකට ලක්ව නැතත් ඇතැම් චිත්‍රපට මෙන්ම නූතන සමාජයේ ඇතැම් රූපවාහිනි වැඩසටහන් මෙන්ම වෙළෙඳ දැන්වීම් පවා රසවත් කරන්නට මෝහිනී මහඟු දායකත්වයක් ලබාදී තිබේ. එමෙන්ම මේ හැම නිර්මාණයකම මෝහිනී සැරැසි ඇත්තේ වටිනා සුදු සාරියකින්ය.

මල් ශාලාවට එදා සරු දවසකි. සුනිල් මිනී දෙකක් කපා කොටා එම්බාම් කර පැත්තක දමා සිගරට්ටුවක් දල්වාගෙන තොල් මත රඳවා ගත්තේ තවත් එකක් බලාපොරොත්තුවනි. ඒ ළිඳේ වැටී හුස්ම හිරවීමෙන් මියගිය වයස අවුරුදු විසි දෙකක තරම් යුවතියකගේ වැඩකොටසක් තම අතින්ම සිදුවන්නට තිබීම නිසාය. මරණ පරීක්ෂණයෙන් පසු එම යුවතියගේ දේහය සුනිල් අතට පත්වන විට රාත්‍රි එකොළහත් පසුවී තිබුණේය. එම්බාම් වැඩේට අති දක්ෂයකු වූ සුනිල් වැඩේට බැස්සේය. සිහින් කොක්කක් සහිත පිහි තුඩ යුවතියගේ ගෙල පටන් උදරය හරහා ගමන් ගද්දී සුනිල්ට දැනුණේ මිනිය දඟලන බවකි. කිසි දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නොතිබුණු ඔහු තරමක් තිගැස්සී තත්පර කිහිපයක් පසෙකට වී සිටියේය. එවේලේ ඔහු දුටුවේ මියගොස් සිටි යුවතියගේ දේහය එලෙස තිබියදී රුව කෙළින් වී සිටගන්නා අයුරකි. අනතුරුව මියගිය යුවතියගේ රුව සෙමෙන් කාමරයේ ‍ෙදාරටුව දෙසට ඇදී ගියේය.

තවත් කල්පනා කරමින් සිටීමේ කිසිම තේරුමක් නැතැයි සිතූ ඔහු වෙන දෙයක් වෙද්දෙන් යන හැඟීම තුළින් තම කාර්යය කිරීම ආරම්භ කළේය. එහෙත් ඔහුගේ සිත දිව ගියේ යුවතියගේ රුව ඡායාව දෙසය. සුනිල්ගේ මතකයට එක්වරම එකතු වූයේ එම්බාම් කාමරයේ අසල බිත්තියේ එල්ලා ඇති රැවුල කැපීමට භාවිත කළ කණ්ණාඩියය. ඔහු වැඩේ කරන ගමන්ම කණ්ණාඩිය බැලුවේය. එතුළින් කාමරයේ ‍ෙදාරටුව හොඳින් පෙණුනත් යුවතියගේ රුව පෙනෙන්නට නොවූවාය.

"මනස්ගාත"

තමන් තමාටම කියාගනිමින් සැකහැර ගැනීමට මෙන් ආපසු හැරී ‍ෙදාර දෙස බැලුවේය. සුනිල්ගේ ඇඟේ මයිල් කෙළින් වී ගියේය. ‍ෙදාර උළුවස්සට හේත්තු වී තමන් කරන දේ දෙස විමසිල්ලෙන් බලා හිඳින මියගිය යුවතියගේ අවතාරයයි. ‍ෙදාර අහුරවාගෙන සිටින ඇයගෙන් මිදී පලා යා හැකි මඟක් නොවුණ තැන සුනිල් තම වැඩේ අහවරයක් වනතුරුම කරගෙන ගියේය. අවසාන සිගරැට්ටුවද දල්වාගත් සුනිල් කළ යුත්තක් නැති තැන කාමරයේ කෙළවරක වූ ලණු පුටුවට වී වකුටු වුණේය.

ඊළඟ මොහොතේ මියගිය යුවතියගේ රුව යළි තම දේහය අසලට විත් නොපෙනී ගියාය. මෝහිනියට නොදෙවැනි දිෂ්ටියක් තමා ඉදිරියේ මෙසේ හැසිරී තිබුණත් ඔහුට නම් කිසිදු අන්තරාවක් හදියක් යුවතියගේ දිෂ්ටි තුළින් ඇති නොවුණේය.

ගෙදර දෝෂ නසන්න ආ කපුවා භූතාත්මයක් බන්දවා මල්කාන්තිව දපනේ දාගත් හැටි

Unknown     7:55 PM     0

තමන්ට එළැඹෙන සෑම කරදරයක්ම ලෙඩක් දුකක්ම, තහරකාරයකු ඊර්ෂ්‍යාකාරයකු විසින් කරනු ලබන අන වින, කොඩිවින, හූනියම් නිසා සිදුවන්නේ යැයි සිතන ආත්ම ශක්තිය හීන වූ ඇතැම් පිරිසක්ද සමාජයේ සිටිති. අපේ දියුණුවට ඉරිසියාවෙන් අල්ලපු ගෙදර අය විසින් අපේම ඥාතියා විසින් හූනියම් කරනු ලැබ ඇතැයි කියමින් නිතර දේවාල පස්සේ යන්නෝ ද සිටිති. නිතර ඇදුරන් ගෙන්වා නිවෙසේ තොවිල් පවිල් කරන්නෝද සිටිති. මෙසේ නිතර ‍ෙදාළ පිදේනි දෙමින් අඟුරු දුම්මල පුච්චන විට නැති යකුන්ද ගෙන්නා ගෙන ඇත්තටම භූත දෝෂවලට ලක් වූවෝද සිටිති. මෙය කැලේ යන සර්පයන් රෙද්ද අස්සේ දමා ගෙන කෑවෝ කෑවෝයයි කියා විපතට පත්වීමක් හා සමානය.

එසේම ඇහැට කනට පෙනෙන තරුණ දෝණියන්දෑවරුන් බිරින්දෑවරුන් සමඟ නිතර දේවාල ගාණේ යනවිට නිතර ඇදුරන් ගෙදරට ගෙන්නා ගන්නා විට එයද නුවණින් කළ යුත්තකි.

මල්කාන්ති පිළියන්දලට නුදුරුව පදිංචි විසි අට හැවිරිදි අවිවාහක තරුණියකි. ඇගේ නිවෙසේ අය නිතර රෝගාබාධවලින් පෙළුණි. නිවෙසේ නිතර දුර්ගන්ධයක් පැවැතිණි. මල්කාන්තිද බඩේ උග්‍ර වේදනාව, නින්දෙන් බිය වී අවදිවීම, හිතුවක්කාර කම, මවුපියන් නොරුස්නා ගතිවලින් පෙළුණාය. වෛද්‍ය ප්‍රතිකාර හා යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලින් සහනයක් නොලැබ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා මල්කාන්තිත් මවත් පියාත් සහෝදරයාත් පැමිණියහ.

අහල පහළ අය හූනියම් කර ඇති බවත් එයින් තම නිවෙසටත් පවුලේ අයටත් අමනුෂ්‍ය දෝෂ බලපා ඇති බවත්, එය දේවාලයකින් කියැවුණු බවත් මල්කාන්තිගේ මව ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා සමඟ පැවැසුවාය.

මේ පවුලේ අය වෙත ශක්ති කිරණ එල්ල කරන විට සියලු දෙනාම පැද්දෙන්නට වූහ. මල්කාන්තිගේ සහෝදරයාගේ බඩට ගවේෂකවරයා අත තබන විටම ඔහු ඔක්කාරය කරන්නට විය. ඒ අතරම අඬන්නටද විය.

මේ ශරීරයට විසක් ඇතුළු වී ඇති බවත් මෙය හූනියමක් නොවන බවත්, ගවේෂකවරයා පැහැදිලි කළේය.

'නෑ... නෑ... මහත්තයා හූනියමක්ම තමයි. අහල පහළ අය අපේ ගෙදරට කෑම ජාති ගෙනැත් දෙනවා. වටපිට අය අපට හරිම ඉරිසියාවෙන් ඉන්නේ. මේ ළඟදිත් කෑම වගයක් ගෙනැත් දුන්නා. අපිත් ඔහේ කෑවා. මේක හූනියමක් ම තමයි' යැයි ඔවුහු දැඩි මතයකම සිටියහ.

හොඳයි කොයි එක වුණත් ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

ඔය නාගොඩවිතාන හොරෙක්. ඔය මිනිහා කියන දේවල් මම නම් කරන්නේ නෑ. මම බෝධි පූජාවලට එන්නේ නෑ යි මල්කාන්ති ගවේෂකයාට බනින බව ඇගේ පියා දුරකතනයෙන් දන්වා සිටියේය.

ඊළඟ දිනයේ මල්කාන්ති පැමිණියේ නැත. අනෙක් අය පැමිණියහ. එදින සියලු දෙනාගේ බඩ දඟලන්නට වී ඔවුහු ඔක්කාරය කරන්නට වූහ. මේ සිද්ධියට මල්කාන්ති මූලික බව වටහා ගත් ගවේෂකවරයා ඊළඟ දිනයේ කෙසේ හෝ දියණිය කැඳවා ගෙන එන ලෙස උපදෙස් දුන්නේය.

දෙසතියකට පසු ඔවුහු බලෙන්ම වාගේ දියණියද කැඳවා ගෙන නැවැත පැමිණියහ. මම ගියේ නෑ බෝධි පූජාවලට, මට මේවා විශ්වාස නැතැයි මල්කාන්ති ගවේෂකවරයාගේ මූණට කීවාය. ඒකට කමක් නෑ, ඔයා විතරක් නෙවෙයි. ඔය වගේ අය තවත් ඉන්නවා යැයි කියූ ගවේෂක ඇය දිෂ්ටි ගැන්වීය. ඇය ප්‍රලයවී කෑ ගසන්නට වූවාය.

ගවේෂකවරයා වේවැල අතට ගෙන ප්‍රශ්න කෙළේය.

'කවුද මේ ශරීරයට ඇතුළු වෙලා කෑ ගහන්නේ?'

'දන්නෙ නෑ'

'තමන් කවුද කියලා ඇයි දන්නේ නැත්තේ?'

'මතක නෑ'

'කොහෙන්ද තමුන්ව එව්වෙ?'

'පානදුරෙන්'

'පානදුරේ කවුද?'

'කපු මහත්තයා'

'එයා මොකද කළේ'

'එයා මේකිගෙ ඇඟට මාව එව්වා.'

නාගොඩවිතාන මහතා මල්කාන්ති කාමරයෙන් ඉවතට යවා මවුපියන් සමඟ සාකච්ඡා කළේය.

මේ පවුලේ අය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දැඩිසේ විශ්වාස කරන බවත් මාස පහකට හයකට වරක් ගෙදර දෝෂ ඉවත් කරන්නට ඇදුරන් ගෙන්වා ශාන්ති කර්ම කළ බවත් අවසන් වතාවට පානදුරේ දේවාලයක කපුවකු ගෙන්වා යාතු කර්මයක් කළ බවත් තිස්පස් හැවිරිදි විවාහකයකු වන ඔහු දරු පවුල්කාරයකු බවත් ඔහු දියණිය සමඟ ඇයි හොඳයියක් පවත්වන බව දැනගෙන ගෙදර අය ඊට විරුද්ධ වූ බවත් අනාවරණය කළහ.

පවුලේ අය කාමරයෙන් ඉවත් කොට නැවැත මල්කාන්ති ගෙන්වා සාකච්ඡා කෙළේය.

'මල්කාන්ති, මට ඇත්ත කියන්න ඔය පානදුරේ කපුවා එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියෙනවා නේද?'

'නෑ... නෑ... අපේ ගෙදර අයද කිව්වේ?'

'නැහැ ගෙදර අය නෙවෙයි. ඒ අයත් ඇත්ත කියන්නේ නෑ. ඒ සමහර විට දුවගේ ගෞරවය රකින්න වෙන්න ඇති. මම මේවා අහන්නේ ඔය පවුලේ අයට එළැඹිලා තියෙන දුක් කරදරවලින් නිදහස් කරන්න,

'නැහැ... නැහැ... එයා පවුල්කාරයෙක් මම මොකටද එයා එක්ක යාළුවෙන්නේ?'

'කපුව විවාහකයෙක් බව දන්නවාද?'

'ඔව්'

'එයාට දරුවොත් ඉන්න බව දන්නවාද?'

'ඔව්'

'එයා තමන්ට හිතවත් බවක් තියෙන බව දන්නවාද?'

'ඔව්'

ගවේෂකවරයා දෑස් පියාගෙන නිහඬව සිත එක්තැන් කොට නැවැත කතා කෙළේය.

'මල්කාන්ති! මට බොරු කියන්න හදන්න එපා. ඔයා ගිය සුමානෙත් ඒ කපුවා එක්ක දෙහිවල හෝටල් (හෝටලයේ නමද කීය) කාමරයකට ගිහින් උදේ වරුවම ගත කරලා ආවා නේද?'

මල්කාන්තිගේ දෑස් ඉහළට ගියේය.

'මල්කාන්ති! මම මේවා අහන්නේ ඔයාව අසීරුතාවට පත් කරන්න නෙවෙයි. ඔයා නිරපරාදේ වැඩිකල් නොගිහින් මැරිලා යනවා. අන්න ඒ විපතෙන් මුදවන්නයි ප්‍රශ්න කරන්නේ. ඔයා විතරක් නෙවෙයි ඔය වගේ ප්‍රශ්න තියෙන බොහොම දෙනෙක් අපේ ළඟට එනවා. ඒ අයට යහපතක් කිරීමයි අපේ අරමුණ. ඒ නිසා ඇත්ත කියන්න.'

අනේ මහත්තයා මම ඇත්තම කියන්නම්. වැඳලා කියන්නම් ගෙදර අයට නම් මේ ගැන කියන්න එපා. මට ඒ අයට මූණ දෙන්න බැරුව යනවා. මම පත්වෙලා ඉන්න තත්ත්වය කීවොත් අම්මා තාත්තාටත් මාව එපා වෙනවා. අනේ මහත්තමයා පින් අයිති වෙයි ඒ අයට දැන ගන්න නම් තියන්න එපා. වඳින්නම් කියා වෙව්ලමින් දෑත් එකතු කොට කීවාය.

'හොඳයි ඉතින් ඇත්ත කියන්නකො' යි නාගොඩවිතාන මහතා කීවේය.

'පානදුරේ කපු මහත්තයා දවසක් අපේ ගෙදර ආරක්ෂාවක් කරන්න ආපු වෙලාවෙ මගේ ඔළුවේ තෙල් ටිකක් ගාලා අත ගෑවා. ඒ වෙලාවෙ ඉඳලා මට එයා ගැන හරිම ආදරයක් ඇති වුණා. එයා ගැන නිතර හැඟීම් පහළ වුණා. ඊට පස්සේ මට එයාව හොයා ගෙන යන්න හිතුණා. දවසක් මම තනියම එහෙම හොයාගෙන එයාගෙ දේවාලයට ගියා. එදා එතැන සෙනඟ සිටිය නිසා ටිකක් කතා කර ඉඳලා එයාගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලා ගෙන ආවා. එදා ඉඳලා එයා ටෙලිෆෝන් එකෙන් මගේ ෆෝන් එකට කතා කරනවා.'

'එයා විවාහකයෙක් බව දැන දැනත් ඇයි එහෙම රහසේ කතා කරන්න පටන් ගත්තේ.'

'මම දන්නේ නැහැ මහත්තයා. මට එයා ගැන පුදුම හැඟීමක් ඇති වුණා. මේ වෙන කොට මම අවුරුදු පහක් විතර ආශ්‍රය කරපු කෙනෙක් හිටියා. අපි දෙන්නා බඳින්නයි හිටියේ. මට එයාවත් එපා වුණා. දවසක් කපු මහත්තයා මට තනියම එන්න කියලා මාව හෝටලයකට එක්ක ගියා. එයා ගැන මට පුදුම ආදරයක් ඇති වුණා. එදාත් අපි දෙන්නා ඒ හෝටලයේ කාමරයක වරුවක්ම ගත කළා. එදා මගේ මුළු ජීවිතයම එයාට දුන්නා.

'ගෙදර අය දැන ගත්තේ නැද්ද?'

'මේ වෙනකොට ගෙදර අයට මා ගැන සැක හිතුණා. බඳින්න හිටපු එක්කෙනා අපේ ගෙදරට මගේ වෙනස්වීම ගැන කියලා සම්බන්ධය අතහැරියා. මේ අතරේ අපි හෝටල් කාමරවලට යන බව මල්ලිට ආරංචි වෙලා අම්මටයි තාත්තටයි කියලා තිබුණා. ඊට පස්සේ කපු මහත්තයාව අපේ ගෙදරට ගෙන්නුවේ නෑ. මට නිතරම බනින්න පටන් ගත්තා. මේ අතරේ මට ළමයෙක් ලැබෙන්න ආවා. කපු මහත්තයා ඒකත් නැති කළා.

ගෙදර අය නිතරම කපු මහත්තයාටයි මටයි බනින කොට මට ගෙදර අයව රුස්සන්නේ නැතුව ගියා. ගෙදර අයගෙ විරුද්ධත්වය මම කපු මහත්තයාට කීවා. දවසක් හෝටලයකදී මුණ ගැහුණු වේලාවක කපු මහත්තයා මට මොනවාදෝ මතුරපු කුඩු වගයක් දුන්නා. ගෙදර උයන කෑමවලට මිශ්‍ර කරන්න කියලා. මම සුමානයක්ම ඒ කුඩු ටික ටික කෑමවලට මිශ්‍ර කළා. ඊට පස්සේ ගෙදර හැමෝටම බඩේ අමාරුව හැදුණා. මටත් හැදුණා' යි මල්කාන්ති සියලු විස්තර අනාවරණය කළාය.

ඊට පසු කාමරයෙන් පිට සිටි මවුපියන් හා සහෝදරයාද ගෙන්වා නැවැතත් දින දහහතරක් බෝධි පූජා පවත්වා පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. ඒ අතර පවුලේ සියලු දෙනාම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු හඳුන්වා දී ළය විරේකයක් කැරගෙන එන ලෙසද උපදෙස් දුන්නේය.

පවුලේ හතර දෙනාම ඒ වෛද්‍යවරයා වෙත ගොස් ළය විරේකය කොට ගෙන දෙසතියකට පසු නැවැත පැමිණියහ.

එදින ද මල්කාන්ති දිෂ්ටි ගැන්වීය. කපුවා විසින් බන්ධනය කරන ලද භූතයා ප්‍රලය වී ආවේය. ඒ භූතයාට කිරණ එල්ලකොට දවන විට කෑ ගසන්නට විය.

'අනේ මාව පුච්චන්න එපා. දැවිල්ලයි. දැවිල්ලයි, පුච්චන්න එපා. මම යන්නම්. මම යන්නම්. මම ආයෙත් මේ අයට කරදර කරන්නේ නෑ. මම යනවා.'

'උඹ ආයෙත් යන්නේ කපුවා ළඟටද?'

'නෑ... නෑ... මම උෟ ළඟට යන්නේ නෑ. ගියොත් ආයෙත් මට මේ වගේ දුක් විඳින්න වේවි. මම මගේ සොහොනටම යනවා' භූතයා ඉවත්ව ගියේය.

එයින් පසු පවුලේ අයට තිබුණු ලෙඩ දුක් අවසන් වූ අතර දිනපතා නිවෙසේ ඉටු කළ යුතු බුද්ධ වන්දනාවන් සහ පිරිත් සජ්¿ධායනා නියම කෙළේය. ඉක්මනින් මල්කාන්තිට විවාහයක් කැර දෙන ලෙසද මවුපියන්ට උපදෙස් දුන්නේය.


E-mail Newsletter

Sign up now to receive updates from us.

Popular Posts

© 2014 supiri Gossip | Distributed By Gossip Themes | Designed By Max Max