සුමනපාලගේ කහපාට හුඩ් එක සහිත කළුපාට මයිනර් ටැක්සිය බම්බලපිටිය හන්දියෙන් දකුණට හරවා කෙළින්ම බෞද්ධාලෝක මාවතට ඇතුළු කරන විට මධ්‍යම රාත්‍රි එක පසුවී විනාඩි දහතුන බව ඔහුගේ වම් සුරතේ බැඳි 'සීකෝ' අත් ඔරලෝසුවෙන් පෙන්නුම් කළේය. බුලත් විටේ ඉතිරි බුලත් කොළයද අනෙක් ලට්ට ලොට්ට ටිකද කටට හලාගත් ඔහු එය වැරෙන් සපන්නට වූයේ දෑසට දැනුණු තෙහෙට්ටුව මඟහරවා ගන්නටය.
බෞද්ධාලෝක මාවත දිගේ පැමිණ 'තරංගනි'ය අසලින් වමට හැරී රේඩියෝ සිලෝන් එක හා හොකී පිටිය අතරින් ටොරින්ටන් දෙසට ගමන් කළේ ඉක්මනින් ගෙදර යා හැකි ෂෝට් කට් පාරවල් සොය සොයාය. නමුත් ඔහුට දෙමටගොඩ හරහා යා යුතුව තිබූ බව මතකයට නැඟෙමින් යළි බෞද්ධාලෝක මාවතටම රථය පදවාගෙන බොරැල්ල කනත්ත අසලට පැමිණ සිටියේය. එක්වරම ඔහුගේ දෑසට ලක් වූයේ කනත්ත වටරවුම අසල සිට තම රථයට අත දිගුකරමින් සිටි ගැහැනියකි.
"මළහත්ඉළව්වයි මෝහිනී....."
සුමනපාලට එකවර කියැවුණේ ඒ වන විටත් බොරැල්ල කනත්ත හා හොල්මන් ගැන අපූරු කතා ගොන්නක්ම සමාජයට එකතු වී තිබූ නිසාය.
"මඟහැරලා ගියොත් මේකිගෙන් උඹට විසුමක් වෙන්නෙ නැහැ....."සුමනපාලගේ හිත කීවේය. ඔහු දෑස පැති කණ්ණාඩිය වෙතට එල්ලකරමින් වාහනය කාන්තාව අසල නතර කළේය.
කාලය තත්පර ගණනාවක් ගතව ගියමුත් වාහනයට නඟින කෙනෙකුවත්, නඟින බවක්වත් කිසිවෙක් පෙනෙන්නට නොවිණ. දිගු සුසුමක් පිටකළ හේ තමන්ගේ මනසට දැනුණු මනස්ගාතය ගැන පසුතැවෙමින් රථය ඉදිරියට පැදවූවාය. තම කාර්යයද ඉටු කරගනිමින් යළි නුවර පාර ඔස්සේ පෑලියගොඩ හන්දියෙන් හැරුණේ අතුරු පාරකටය. ඒ සමඟම ඔහුගේ පාදය තිරිංගය තදින් බදාගත්තේ පාර හරහා හිටගෙන සිටි තවත් කෙනකු නිසාය. සුදෝ සුදුවතින් සැරැසීගත් ඇය සැබැවින්ම රූමත් බවක් පෙන්නුම් නොකළත් අපූරු සිත්ගන්නාසුලු බවක් පෙනෙන්නට තිබුණු නිසා සුමනපාලගේ සිත ඇදී ගියේ වෙනයම් දෙයක් ගැනය.
යුවතිය පැමිණ රථයේ පිටුපස ෙදාරටුව හැර ඇතුළු වූයේ සුමනපාලගේ ආරාධනයකින් තොරවය.
"කොහෙද යන්නේ මේ රෑ...."
"බොරැල්ලට....."
ඇයගේ පිළිතුරෙන් සුමනපාල තක්කු මුක්කු වී ගියේය. ඇය වාහනයට ගොඩවන විට දැනුණු සමන් පිච්ච සුවඳ නිසා ඔහු මෝහනය ගියේය. යළි මයිනර් ටැක්සිය තරමක් අඳුරින් පිරි දෙමටගොඩ පාර හරහා බොරැල්ලට කිට්ටුවෙමින් සිටියේය. නෝනා වාට්ටුව අසලදී ඔහු පසු කණ්ණාඩියෙන් පසුපස දෙස බැලුවේය. මලානික වීදි ලාම්පු එළියටත් ඒ මුහුණ හරිහැටි දිස් නොවුණත්....
"ඔතැනින් නවත්වනවා" විධානය ලැබුණේ සත්‍ය වශයෙන්ම බොරැල්ල කනත්තේ ගේට්ටුව ළඟදීය. එකිනෙහිම සුමනපාල තම බෙල්ල හකුළුවා උරහිස් කන්දෙක ළඟට ගෙන යද්දී 'දඩාස්' හ¾ඩින් රථයේ ෙදාර වැසී ගියේය. රථයෙන් බැස කනත්ත තුළට පාවී ගිය ගැහැනු අවතාරය දෙස සුමනපාල තත්පර කිහිපයක් බලා සිටියේ ඇස්ගෙඩි පමණක් නොව කටද උපරිමයෙන් ඇරගෙනය.
එදින සුමනපාලගේ ජීවිතය 'මෝහිනී' අතින් බේරුණත් සතියක් යනතුරු හටගත් සහලෝල උණ පහව ගියේ බෙහෙත්වලින් නම් නොවේ. සුමනපාල මෙන්ම මේ කතාව සම්බන්ධ අන් අයගේද අදහස වූයේ ඒ මෝහිනීම බවය. මෝහිනී ගැන විවිධ මත නිර්මාණය වෙමින් තිබූ අතර සමහරෙකුට මැය ඉතා අලංකාර රූපශ්‍රීයකින් යුත් තැනැත්තියකි. එමෙන්ම සංගීතයටද මහත්සේ ඇලුම් කරන බව පැවැසේ. එහෙයින් ගොම්මන් යාමය ආරම්භ වීමත් සමඟ යමෙකුට උරුහුම් බෑමද හොඳ නැති තත්ත්වයකට ගෙන ආවේය. එමෙන්ම රාත්‍රි කාලයේ බටනළාව වැනි ඉමිහිරි සංගීත භාණ්ඩ පවා වාදනය කිරීමට ඇතැමුන් බිය වූයේ මෝහිනී නිසාය.
සැබැවින්ම අප එවැනි අත්දැකීමකට ලක්ව නැතත් ඇතැම් චිත්‍රපට මෙන්ම නූතන සමාජයේ ඇතැම් රූපවාහිනි වැඩසටහන් මෙන්ම වෙළෙඳ දැන්වීම් පවා රසවත් කරන්නට මෝහිනී මහඟු දායකත්වයක් ලබාදී තිබේ. එමෙන්ම මේ හැම නිර්මාණයකම මෝහිනී සැරැසි ඇත්තේ වටිනා සුදු සාරියකින්ය.
මල් ශාලාවට එදා සරු දවසකි. සුනිල් මිනී දෙකක් කපා කොටා එම්බාම් කර පැත්තක දමා සිගරට්ටුවක් දල්වාගෙන තොල් මත රඳවා ගත්තේ තවත් එකක් බලාපොරොත්තුවනි. ඒ ළිඳේ වැටී හුස්ම හිරවීමෙන් මියගිය වයස අවුරුදු විසි දෙකක තරම් යුවතියකගේ වැඩකොටසක් තම අතින්ම සිදුවන්නට තිබීම නිසාය. මරණ පරීක්ෂණයෙන් පසු එම යුවතියගේ දේහය සුනිල් අතට පත්වන විට රාත්‍රි එකොළහත් පසුවී තිබුණේය. එම්බාම් වැඩේට අති දක්ෂයකු වූ සුනිල් වැඩේට බැස්සේය. සිහින් කොක්කක් සහිත පිහි තුඩ යුවතියගේ ගෙල පටන් උදරය හරහා ගමන් ගද්දී සුනිල්ට දැනුණේ මිනිය දඟලන බවකි. කිසි දිනෙක මෙවන් අත්දැකීමක් ලබා නොතිබුණු ඔහු තරමක් තිගැස්සී තත්පර කිහිපයක් පසෙකට වී සිටියේය. එවේලේ ඔහු දුටුවේ මියගොස් සිටි යුවතියගේ දේහය එලෙස තිබියදී රුව කෙළින් වී සිටගන්නා අයුරකි. අනතුරුව මියගිය යුවතියගේ රුව සෙමෙන් කාමරයේ ෙදාරටුව දෙසට ඇදී ගියේය.
තවත් කල්පනා කරමින් සිටීමේ කිසිම තේරුමක් නැතැයි සිතූ ඔහු වෙන දෙයක් වෙද්දෙන් යන හැඟීම තුළින් තම කාර්යය කිරීම ආරම්භ කළේය. එහෙත් ඔහුගේ සිත දිව ගියේ යුවතියගේ රුව ඡායාව දෙසය. සුනිල්ගේ මතකයට එක්වරම එකතු වූයේ එම්බාම් කාමරයේ අසල බිත්තියේ එල්ලා ඇති රැවුල කැපීමට භාවිත කළ කණ්ණාඩියය. ඔහු වැඩේ කරන ගමන්ම කණ්ණාඩිය බැලුවේය. එතුළින් කාමරයේ ෙදාරටුව හොඳින් පෙණුනත් යුවතියගේ රුව පෙනෙන්නට නොවූවාය.
"මනස්ගාත"
තමන් තමාටම කියාගනිමින් සැකහැර ගැනීමට මෙන් ආපසු හැරී ෙදාර දෙස බැලුවේය. සුනිල්ගේ ඇඟේ මයිල් කෙළින් වී ගියේය. ෙදාර උළුවස්සට හේත්තු වී තමන් කරන දේ දෙස විමසිල්ලෙන් බලා හිඳින මියගිය යුවතියගේ අවතාරයයි. ෙදාර අහුරවාගෙන සිටින ඇයගෙන් මිදී පලා යා හැකි මඟක් නොවුණ තැන සුනිල් තම වැඩේ අහවරයක් වනතුරුම කරගෙන ගියේය. අවසාන සිගරැට්ටුවද දල්වාගත් සුනිල් කළ යුත්තක් නැති තැන කාමරයේ කෙළවරක වූ ලණු පුටුවට වී වකුටු වුණේය.
ඊළඟ මොහොතේ මියගිය යුවතියගේ රුව යළි තම දේහය අසලට විත් නොපෙනී ගියාය. මෝහිනියට නොදෙවැනි දිෂ්ටියක් තමා ඉදිරියේ මෙසේ හැසිරී තිබුණත් ඔහුට නම් කිසිදු අන්තරාවක් හදියක් යුවතියගේ දිෂ්ටි තුළින් ඇති නොවුණේය.

0 comments: